ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ජවිපෙන් නඩු

මහින්ද පිලේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහහා විසින් පසුගිය 15වනදා තංගල්ලේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ඉලක්කකර සිදු කළ අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කරන බව පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (18) පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අනාවරණය කර සිටියේය.

අසත්‍ය මෙන්ම අපහාසාත්මක එම ප්‍රකාශය සිදු කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අනුර දිසානායක මහතාට සිදුකළ අපහාසයට වන්දි ලෙස රුපියල් මිලියන 500ක් ඉල්ලා මෙසේ නඩු ගොනු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතීඥ සුනිල් වටගල මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top