මුස්ලිම් විවාහ – දික්කසාද පනත සංශෝධනය කිරීමට යයි

news_CIමුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස් සීමාව සහ එම නීතිය යටතේ ආවරණය වන වෙනත් කාරණා සම්බන්ධයෙන් වන විධිවිධාන, ශ්‍රී ලංකාව ද පාර්ශවකරුවෙකු වන ඇතැම් ජාත්‍යන්තර ප්‍රඥාප්තිවල නිශ්චිතව දක්වා ඇති නියාම ධර්ම සමග අනුකූල නොවන බැවින් එම විධිවිධාන සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

ඒ පිළිබඳ සොයාබලා මුස්ලිම් විවාහ හා දක්කසාද පනතට සිදුකළ යුතු යෝග්‍ය සංශෝධන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම අදාළ අනුකමිටුව වෙත පැවරී තිබේ.

– අද දෙරණ
– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top