SRILANKAN NEWS

නව ව්‍යවස්ථා කෙටුම්පතට මහා සංඝ රත්නයේ අදහස් ලබා ගන්නවා – අගමැති

නව ව්‍යවස්ථා කෙටුම්පතට මහා සංඝ රත්නයේ අදහස් ලබා ගැනීමට සහ උන්වහන්සේලාගේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. මහනුවර වත්තේගම පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මහනුවර වත්තේගම පිටියේගෙදර රජමහා විහාරයේ ඓතිහාසික බුද්ධ මන්දිරයේ කොත නිරාවරණය කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් ඊයේ සිදු කෙරුණා. පිටියේගෙදර රජ මහා විහාරාධිපති පුජ්‍ය කිවුලේගම සුමනසාර ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරි ඇල්ල, මලික් සමරවික්‍රම, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මහනුවර සිංහල වෙළද පෙරමුනේ 45වන සංවත්සරයට සහභාගි වුණා. මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් උත්සව ශාලාවේදීයි මෙම සංවත්සරය පැවැත්වුණේ. මහනුවර සිංහල වෙළද පෙරමුණේ හිටපු නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සම්මාන පිරිණැමුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වී සිටියා.