කටුනායක අධිවේගී මාර්ගයේ සිඳුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

කොළඹ – කටුනායක ප්‍රධාන අධිවේගී මාර්ගයේ පමුණුගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ධාවනය වෙමින් තිබු මෝටර් රථයක රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ආසන්නයේ තණකොළ කපමින් සිටි කම්කරුවන් දෙදෙනෙකුගේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු කම්කරුවන් දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 41 හැවිරිදි සහ 55 හැවිරිදි ජා ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top