ARTICLES

මා දුටු යාපනය -2

thinking1_CI– නඩරාජා ගුරුබරන් –
24 මාර්තු 2016

දශක තුනක අරගලයක් හේතුවෙන් ඇතිවූ සංක්‍රමණයෙන් උදාවූ ඩයස්පෝරා දෙමළ ප්‍රජාව ඊළාම් නිදහස් අරගලයේ  පිඹිදීම සහ බිඳවැටීමේදී ද පරාජයෙන් පසු වූ නැගී සිටීමේදී ද සැලකිය යුතු බලපෑමක් සිදුකර තිබේ.

එලෙස මා පැවැසීමට හේතුව, යාපනයේ දැන් නිකරුණේ සිටින අය යැයි නව සමාජ කොටසක් බිහිවී තිබීමය. හතර මං හංදියේ, මාර්ගවල තැනින් තැන නිකරුණේ කාලය ගත කරන තරුණ පරපුරකට කන්න බොන්න දීමේ කටයුත්ත ඩයස්පෝරා ප්‍රජාව ඉටුකරමින් සිටියි. යාපනයේ පාසල්වලට උදෑසන සහ පස්වරුවේ සිසුවියන් රැගෙන යන බස් රථවලට හා වෑන් රථවලට ආරක්‍ෂාව සපය යතුරු පැදි ඇණියක් ලෙස කටයුතු කරන තරුණ කණ්ඩායම් ද තැනින් තැන දැක්නට ලැබීමෙන් ඩයස්පෝරා මුදල් කෙසේ භාවතා වන්නේදැයි වටහා ගත හැක.

යුද්දයෙන් පසු යාපනය දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින වට බොහෝ පාර්ශවයන් පවසා සිටීම අසා තිබෙන්නෙමි. ඩයස්පෝරාවේ ජීවත් වන ජනතාව තමන්ව රැක බලාගෙන, මෙහි ජීවත් වන සිය ඥාතීන්වද රැක බලා ගැනීමට විවිද දුෂ්කරතාවන්ට මුහුණදී දිවා රෑ නොබලා රැකියාවල නිරතවේ. එලෙස ඔවුන් උපයා එවන මුදල් නිකරුණේ සිටින කම්මැලියන් පිරිසක් බිහිකර තිබීම දැන් සියසියන් දැකින්නෙමි.

මගේ මිතුරෙකු යාපනයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට කැටුව ගියා.. එහිදී කැෂියර්, වෙයිටර්වරුන් සඳහා පුරප්පාඩු දැකින්නට තිබුණි. නමුත් එම රැකියාවට සූදානම් කිසිවකු සොයා ගැනීමට නොහැකි වූ බව හෝටලයේ පරිපාලකයන් පැවැසූ බවට මිතුරා මා වෙත පවසා සිටියේය. කැෂියර් කෙනෙකුට රුපියල් 40 දාහක වැටුපක් ලබා දෙනු ලැබේ. නමුත් එම තනතුරට පැමිණි බොහෝ අය ටික කලකින්ම ඉවත්ව ගිය බව ද පවසා සිටියේය.

යාපනය අච්චුවෙිලි ප්‍රදේශයේ තිබූ කාර්මික කලාපය ඉන්දිය රජයේ සහයෝගය මත ප්‍රතිසංස්කරණය කර තිබේ. රුපියල් මිලියන 220ක මුදල් ආධාර වැඩපිළිවලක් යටතේ ආරම්භ කළ මෙම කාර්මික කලාපයේ කර්මාන්ත ශාලා හතරක වැඩ කටයුතු ආරම්භ කර ඇති නමුත් එම කර්මාන්ත ශාලාවන් සඳහා වියදම් කළ මුදලින් ඵලක් නැතිවේ දැයි ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස් නඩරාජා මහතා යාපනයේ පැවැති උත්සවයකදී කණගාටුව පළකර තිබුණි.

පළමු කලාපය, දෙවන කලාපය යැයි කාර්මික කලාපය කොටස් දෙකකට වෙන්කර තිබේ. අක්කර 25ක ප්‍රදේශයක පිහිටා ඇති පළමු කලාපයේ කුටි 22ක් ඉදිකර තිබේ. එයින් කුටි කිහිපයක් ලබාගෙන ඇති ඇතම් ආයෝජිකයන් මෙතෙක් එහිදී කිසිඳු අයෝජනයක් යොදවා නැත. ආයෝජනය කළ කර්මාන්ත ශාලා හතරකදී සේවකයන් 110 දෙනෙකු සේවය කරති. එහිදී අමානෝ සීට් නිෂ්පාදන අංශයේ වැඩියෙන්ම තිබෙන්නේ යන්ත්‍රවල භාවිතාවය. දෙවැනි කලාපය සඳහා අක්කර 40ක් වෙන්කර තිබේ. පාරිසරික ප්‍රශ්ණවලට විසඳුම් සොයා ගැනීමෙන් අනතුරුව එයද කර්මාන්ත ශාලාවන් සඳහා භාවිතා කළ හැකි බවට දැනුම් දී තිබේ.

ඉකුත් කර්මාන්ත ශාලාවල අසාර්ථකත්වයට හේතුව කුමක් දැයි බොහෝ දෙනෙකුගෙන් විමසා සිටියෙමි.. පොරොන්දු වූ ආයෝජිකයන් පසු බැසින බවත් එමෙන් කර්මාන්ත ශාලාන් පටන් ගැනීමට නොහැකි තත්වයක් පවතින  බව ඇතමුන් පවසා සිටියි. තවද වසර 25ක කුලියට දෙන ඉඩමට වසර 3ක පෙර ගෙවීමක් ලබාදිය යුතු බවත් එමෙන් බොහෝ අය අයෝජනය කිරීමට පසුතැවෙන බව පැවැසීය. ආරම්භ කරන කර්මාන්ත ශාලාවල රැකියා කිරීමට යාපනය් ජනතාව කැමැතිද නැති බවට තවත් පිරිසක් පවසයි.

මේ අතර රැකියා කිහිපයක් තිබුණත් එයට සුදුසු පුහුණුවක් ලැබූ සේවකයන් නොමැති බවත්, අනික් පැත්තෙන් එහි සිටින අයට තිබෙන සුදුසුකම්වලට සරිලන රැකියාවන් ද නොමැති බව ඉකුත් කර්මාන්ත ශාලාවලට සම්බන්‍ධ පුද්ගලයකු පවසා සිටියේය.

ඇඟලුම් කම්හල්, පාවහන් සැදීමේ කම්හල් ආදී කර්මාන්ත ශාලාවල රැකියාවක් කිරීමට යාපනයේ දෙපාර්ශවයම සූදානම් නැති බව ද පැවැසේ. එයට හේතුව යාපනයේ සමාජ ක්‍රමවේදය බවත්, කෙනෙකුගේ සමාජ වැදගත්ක කරන රැකියාව තීරණය කරන බව දකුණේ මිතුරකු පැවැසීය.

මේ අතර, වන්නියේ ඉදිකරන කර්මාන්ත ශාලාවල රැකියාවට යෑමට එම දිස්ත්‍රික්කයේ තරුණ හා මහලු සියළු දෙනාම සූදානමින් සිටින බවට දිගු කලක් තිස්සේ කිලිනොච්චියේ සිටි දේශපාලන මිතුරකු පවසා සිටියේ.  ඔවුන්ට රැකියාවකට යායුතු අවශ්‍යතාවයක් ඔවුන් පරිසරය බිහිකර තිබේ. එහි තිබෙන කර්මාන්ත ශාලාවල කම්කරු ශ්‍රමය  සූරා කෑම ඇතුළු විවිද චෝදනා තිබුණත් එයද නොතක ඔවුන් රැකියාවට යමින් සිටිති. හේතුව කෑම වේල ලැබෙන්නේ රැකියාවක් කළේ නම් පමණි යන තත්වය ඔවුන්ට තිබේ. නමුත් යාපනයේ බොහෝ අය අතර වෙහෙස මහන්සිවී රැකියාවක් කිරීමේ මානසිකත්වයක් හෝ කර්මාන්ත ශාලාවක, ආයතනයක රැකියාක් කිරීමේ සූදානමක්ද නැති බව නිරීක්‍ෂකයන් පෙන්වා දෙති.

රජයේ රැකියා, බැංකු ආයතනවල රැකියාවන් කෙරෙහි කැමැත්තෙන් සිටින යාපනයේ බොහෝ පිරිසක් පුද්ගලික අංශවල රැකියා කිරීමට සූදානම් නැත. යාපනය හෙද අභ්‍යාස විද්‍යාලයට පුහුණුව සඳහා පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාව විශාල ලෙස පහත වැටි ඇතයි හෙද අභ්‍යාස විද්‍යාලයට අයත් පුද්ගලයකු පවසයි. වසරකට හෙද පුහුණුව සඳහා සිය දෙනෙකුව බඳවා ගන්නේ නම් යාපනයෙන් සහභාගිවන්නේ 25කටත් අඩු පිරිසක් බවත් අම්පාර, මඩකළපුව ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මුස්ලිම් හා දෙමළ සිසුන්වද ඇතුලත් කළත් 100 දෙනෙකුවත් නැති බව පවසයි. ඉදිරි කාලයේ සිංහල සිසුන්ව ද බඳවා ගැනීමට වැඩපිළිවලක් සැකසිය යුතු යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

යුද්දය නිමාවීමෙන් පසු ශ්‍රී ලාංකිකයන්ට තවඳුරටත් සරනාගත පුරවැසි භාවය නොලැබෙන තත්වයක තවත් කොටසක් ලක්‍ෂ ගණනක මුදල් හා ජීවිතය පරදුවට තබා විදෙස් රටකට යෑමේ සිහිනයක සිටිති.

විදෙස් ගත බොහෝ දෙමළ ජනතාව දැන් යාපනයේ ආයෝජන රැසකට ඉදිරිපත්වී සිටියි. නමුත් එවැනි ආයෝජන යාපනයේ ජනතාවගේ රැකියා අවස්ථාවලට සුදුසු දැයි ප්‍රශ්ණයක්ද මතුවී තිබේ.

යාපනයේ අදට සිටින ජනගහනයට අනුව මසකට විවාහ මංගල්ල සිදුවන්නේ කීයක්ද ? යන සංඛ්‍යා දැනුමක් නැතිව කෝටි ගණන් මුදල් වියදම් කර ඉදිකරන මංගල ශාලාවන් ද බහුලව දැකිය හැක. එම ශාලාවන් ඉදිකිරීමට වියදම් කරන මුදල්වලින් කී දෙනෙකුට රැකියා අවස්ථාවක් ලබාදිය හැකි ද? යන කණගාටුවක් ඇතිවේ.

යාපනය නගර ආශ්‍රිතව තෙමහල් වෙළඳසැල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ. එහිදී පළමු මහලේ වෙළඳසැල් කිහිපයක් පමණක් කුලියට ලබාගෙන ඇති අතර, අනෙකු මහල් දෙක හදිසියෙන්ම ඉදිකරන්නේ ඇයි? ඉදිකර තිබෙන වෙළඳසැල් ටිකම තවමත් වසා දමා තිබෙන තත්වයක උඩු මහල් ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි මිතුරකු විමසා තිබේ. එයට එහි මහළු පුද්ගලයා, “ඔහු විදෙස් රටේ සිට සල්ලි එවනවා, සම්පූර්ණ ගොඩනැගිල්ලම ඉදිකරන්නයි කියනවා.. මට මොකද එයා සල්ලි එවනවා මම ඉදිකරනවා‘ යැයි පවසා තිබේ.

එපමණක් නොව එහි තිබෙන කෝවිල්, දේවස්ථාන, ප්‍රදේශයේ සංගම්, උත්සවයන්, අහසට උසට ගොඩනැගිළි, මනි මණ්ඩපවලට කෝටි ගණන් මුදල් වියදම් කරමින් සිටියි.. ප්‍රයෝජනය කුමක් ද?

යුද්දයෙන් පසු උතුර යහපත් මාවතකට ගෙන යෑමට නම් ඩයස්පෝරා දෙමළ ජනතාව, මෙහි සිටින ඔවුන්ගේ ඥාතීන්, මිතුරන් සමාජයේ අවශ්‍යතාවයන් සපුරන අයෝජනයන් හඳුනාගෙන සැලසුමකට අනුව එක්වී කටයුතු කළ යුතුයි.

පවතින තතවයට අනුව යථාර්ථය වටහාගෙන ඒ අනුව කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයවේ. විදෙස් රටවල තබාගෙන සිටින මුදල් වත්කමක් බවට මාරු කළ යුතුයි යන අරමුණින් මෙහි තිබෙන ගොවිතැන් ඉඩම් තරඟකාරි ලෙස මිලදී ගෙන, එය මුඩු ප්‍රදේශයක් බවට පත්කර කටු කම්බි වැට දැමීමෙන් ද, වසරකට වරක් දෙවරක් නිවාඩුව ගත කර යෑමට සුඛෝපභෝගී නිවාස ඉදි කිරීමෙන් ද, ගොඩනැගිළි ඉදිකර වසා තැබීමෙන් ද උතුර සංවර්ධනය කරා ගෙන යෑමට නොහැක.

යුද්දයෙන් පසුවූ උතුරේ වාතාවරණය වෙනස් කර ජයග්‍රහණය අත්පත් කිරීමට සියළු දෙනාම කැපවිය යුතුයි. දේශපාලන විසඳුමක් සඳහාවූ අරගලය, ඉල්ලීම් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකළ යුතුයි. යුද විනාශයන්, මානව හිමිකම් උල්ලංඝණ නිසා දෙමළ ජනතාවට සිදුවූ වේදනාවට වගවීම අවධාරණය කිරීම, යනාදි කටයුතු ද දිගටම සිදුකළ යුතුයි. එය එක් පැත්තකින් ක්‍රියාත්මක වන අතර අනිත් පැතින් සමාජ දැනුවත් කිරීම්, විනාශවී යන සංස්කෘතිය, සදාචාරය මැඩපැවැත්වීමට ද ඉදිරිපත්විය යුතුය.

Global Tamil News – Sinhala