පුල්මොඩේ ඛණිජ වැලි සේවකයෝ වැඩ වර්ජනයක

පුල්මොඩෙයි ඛණිජ වැලි සංස්ථාවේ සේවකයන් අද උදැසන සිට වැඩ වර්ජණයක් ආරම්භ කළ බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

වැඩ වර්ජනය ආරම්භ කිරීමට ආසන්නතම හේතුව ලෙස ඔවුන් පවසන්නේ සේවකයන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමත්, විශේෂයෙන් ඉන් දෙදෙනෙකු වෘත්තීය සමිති නායකයන් වීමත්ය.

පුල්මොඩෙයි ඛණිජ වැලි සමාගම තුල දීර්ඝ කාලයක් තුල සිදුවෙමින් පවතින දූෂණ, වංචා සම්බන්ධයෙන් කොතෙක් පාළනාධිකාරිත්වය දැනුම්වත් කළද මෙතෙක් කීදු විසදුමක් නොලැඹුණු බවද වෘත්තීය සමිති පවසති.

අලුතින් පත් කර එවන ලද නිසි බලධාරිවරයාට ද තමන් මේ සම්බන්ධයෙන් කොතෙක් පැවැසුවද ඔහුද මෙතෙක් සිදු කරමින් පැවැති දූෂණයන් ට හා වංචාවන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැතැයිද වෘත්තීය සමිති වැඩිදුරටත් පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top