ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන්

ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

“Forestry in a New Landscape” යන තේමාව යටතේ ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ඊයේ ආරම්භ කෙරුණු අතර, එය 27 වනදා දක්වා පැවැත්වේ.

ආසියා ශාන්තිකර වනාන්තර පිළිබද කොමිසමෙහි සාමාජික රටවල් 34 ක නියෝජිතයින් හා විවිධ මට්ටමේ නිරීක්ෂණ ආයතනවල නියෝජිතයින් 300 ක පමණ පිරිසක් මෙම සැසියට එක්ව සිටී.

අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ද එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වනාන්තර අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් හිරෝටෝ මිට්සුගී, ජාත්‍යන්තර කෘෂි වන වගා පර්යේෂණ පිළිබද කවුන්සිලයේ සභාපති ටෝනි සයිමන් යන මහත්වරුන් ඇතුථ විදෙස් නියෝජිතයින් ද වන සංරක්ෂණ ජනරාල් එස්.ඒ. අනුර සතුරුසිංහ මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top