සුහද සංචාරයක් සඳහා බංග්ලාදේශ නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්‍රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (23) කොළඹ වරායට ‍සේන්දු විය.

නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එස් අස්ලම් පර්වේස් මහතා ද සහභාගී වූහ.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top