තුන් වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වූ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා සිය සිය ශුභාශිංසනය එක්කර තිබෙන අතර, දීර්ඝ කාලීන ජපන් ශ්‍රී ලංකා සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් ජපානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා සූදානමින් සිටින බව ද එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
