රුපියල් විසිදහසක මුදලක් අල්ලස් ලෙස ලබාගත් කොල්ලුපිටිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව අල්ලස් ගත් අදාළ ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගත් බව පැවැසේ.