මුදල් වංචා කළ පුද්ගලයෙකුට පහරදුන් පිරිස රක්‍ෂිත බන්‍ධනාගාරයට

මුදල් වංචා කළ පුද්ගලයෙකුට පහරදුන් පිරිස රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දකුණේ සිට යාපනයට පැමිණි කණ්ඩායමක් පුද්ගලයන්ව විදෙස් ගත කරන බව පවසා විශාල මුදලක් වංචා කර තිබුණි.

මෙවැනි තත්වයකදී පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රී ඉකුත් කණ්ඩායමට අයත් පුද්ගලයෙකු මන්කුම්බාන් ප්‍රදේශයේ රැඳී සිටින බව දැනගත් නාවාන්තුරයි ප්‍රදේශයේ ජනතාව එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයාව අල්ලාගෙන තිබේ. පසුව ඔහුව නාවාන්තුරයි ප්‍රදේශයට ගෙනවිත් පහරදී යාපනය පොලිසියට භාරදී තිබේ.

එහිදී තමන්ට පහරදුන් බව පවසා හය දෙනෙකුට එරෙහිව පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් යාපනය පොලිසියට පැමිණිළි කර තිබේ. ඉකුත් පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සැකකරුවන් හය දෙනා අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව දින 14ක් රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top