SRILANKAN NEWS

උමාඔය ව්‍යාපෘතිය නිසා සිඳීගිය ළිං පිරී ඇති කතා බොරු – සමන්ත විද්‍යාරත්න

උමාඔය ව්‍යාපෘතිය නිසා සිඳී ගිය ළිං 200ක් ජලයෙන් පිරී ඉතිරී ගොස් තිබෙන බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදුකරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බහුවිනාශකාරී උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

අදාළ ප්‍රදේශවල ජනතාවය තවමත් බීමට හා අනෙකුත් කටයුතු සඳහා ජලය ලබාගන්නා බවුසර් මගින් ලබාදෙන සුළු ජල ප්‍රමාණයෙන් බවද සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. එමෙන්ම ජනතාව මේ දිනවල ඇදහැලෙන වැස්සෙන් ලැබෙන ජලය විවිධ භාජනවලට එකතුකරගෙන ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ජනතාවට සහන සැලසීමට බව පවසමින් කමිටු පත්කර පවුල් 10,000ක් ගොනාට ඇන්දවූ ආණ්ඩුව ළිං 200ක් ජලයෙන් පිරී තබෙන බවට ප්‍රකාශ කරමින් ජනතාව ගොනාට අන්දන බව පවසා සිටියේය.