පසුගිය දිනක පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි.
එය විමල් වීරවංශ මන්ත්‍රී වරයාගේ පෞද්ගලික අදහසක් බව අද(25) ගම්පහ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසිය.
එම ප්‍රකාශය වැරදි එකක් බවත් මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති වන බව ද පැවසු විජේනායක මහතා පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වු විගස මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාගවගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඔහු පැවසිය.
Add Comment