දෙවන විස්සයි 20 තරඟයේදී පාකිස්තානයට ජය

ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති 20-20 දෙවන තරඟය කඩුළු දෙකකින් ජයගැනීමට පාකිස්ථානය සමත්වුනා. අබුඩාබිහිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්ථාන කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු නවයක් ක් දැවී ලකුණු 124ක්  රැස් කලා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 51යි. සධීර සමරවික්‍රම ලකුණු 32ක් රැස් කළා. පන්දු යැවීමේ දී ෆහීම් අශ්රෆ් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ද සමත්වුනා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර දහනවයයි පන්දු පහක් අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 125ක් ලබා ගෙන තරඟය ජය ගැනීමට  සමත් වුණා. නායක තිසර පෙරේරා කඩුලු තුනක් දවාගත්තා. මේ අනුව තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස පාකිස්ථානය ඉදිරියෙන් සිටිනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top