රුපියල් 1,680,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවක් අද (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය සන්තකයේ තිබී සිගරට් 33,600 ක් රේගු භාරයට ගෙන ඇති අතර, ඇය කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව වාර්තාවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව රේගුව සඳහන් කරයි.
Add Comment