SRILANKAN NEWS

ජවිපෙන් පළාත් පාලන ආයතන මට්ටමින් සම්මන්ත්‍රණ මාලාවක්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් පළාත් පාලන ආයතන මට්ටමින් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බවත් 2020 බලය ගොඩනැඟීමට මෙවර පළාත් පාලන මැතිවරණය ආරම්භක පියවර ලෙස යොදාගන්නා බව බවත් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා වූ නාමයෝජනා සැකසීමේ ක්‍රියාවලිය මේ මස අවසානයේ නිම කිරීමට කටයුතු කරන බව පවසන ඒ මහතා කියා සිටියේ සියලු අපේක්ෂකයන් පිළිබඳ ඉතා හොඳින් සොයා බලා මැතිවරණය සඳහා තම පක්ෂය අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවයි.

අල්ලස් දූෂණ, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයන් පළාත් පාලන ආයතනවලට පත් කිරීමෙන් නැවත සිදුවන්නේ එම ආයතන දූෂිත වීම පමණක් බැවින් ඒ පිළිබඳ මනා අවබෝධයකින් ඡන්ද දායකයා තම ඡන්දය පාවිච්චි කළ යුතු බව සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.