ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස් ඩයස් මහතා පත්කර තිබේ. ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් සිදුකර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම පත්වීම් සිදුකර ඇති බව වාර්තාවේ.
මීට අමතරව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් උදය මැදිවෙල මහතා සහ යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පත්කර ඇති බව වාර්තාවේ