ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් තිලාන් සමරවීර එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු 2019 ලෝකු කුසලාන තරාවලිය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ඇත.

සමරවීර බංග්ලාදේශ කණ්ඩායමේද පිතිකරණ පුහුණුකරුවෙක් ලෙස කෙටිකාලයක් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අරම්භවීමට නියමිත තරගාවලිය තිලාන්ගේ පළමු අභියෝගය වෙනු ඇත.

ටෙස්ට් තර 81කට හා එක්දින තරග 53කට ක්‍රීඩා කර ඇති තිලාන් 2013 වසරේදී ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත්තේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top