මදුරන්කුලිය ප්‍රදේශයේ සිඳුවූ අනතුරකින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට

කොළඹ – පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය – 10 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින්. පස්දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරින් තවත් පුද්ගලයින් 44දෙනෙකු තුවාල ලබා පුත්තලම, හලාවත සහ මුන්දලම යන රෝහල්වලට අතුළත් කර ඇති බවයි.

අද (06) පෙරවරු 8.00ට පමණ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ බස් රථය මදුරන්කුලිය 10 කණුව අසළදී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමත් සමඟ පාළමේ ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළී යාමෙන් අනතුරට ලක්ව ඇති බවයි.

අනතුර හේතුවෙන් කොළඹ – පුත්තලම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද පවතින බවද වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top