SRILANKAN NEWS

දේශපාලනඥයින්ගෙන් සියයට 75ක්ම අවංක නෑ – චන්ද්‍රිකා

මෙරට දේශපාලනඥයින්ගෙන් සියයට 75ක්ම අවංක දේශපාලඥයින් නොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසයි.

අවංක පුද්ගලයින් දේශපාලනයට නොපැමිණෙන බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්තල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළ කළේය.