අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිඳුවූ වෙඩි තැබීමකින් 26ක් මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිඳුවූ වෙඩි තැබීමකින් 26 දෙනෙකු මිය ගොස් තිබේ. දේවස්ථානයක් ඉරිදා දේව මෙහෙය අතරේ මෙම වෙඩි ප්‍රහාරය සිඳුකර තිබේ. ටෙක්සාස් හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයකට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

දේවාලයට ඇතුල්වූ වෙඩිකරු දේවාලයට පැමිණ සිටි පිරිස වෙත ප්‍රහාරය එල්ලකර තිබේ. ටෙක්සාස්හි සිඳුවූ ඉතා දරුණුතම ප්‍රහාරය මෙය බව ප්‍රාන්ත ආණ්ඩුකාර ජේර්ජ් අප්පෝට් පවසයි.

සාමාන්‍යයෙන් 50 දෙනෙකු පමණ දේව මෙහෙයට එක්වන බවත්, මියගිය අය අතර කුඩා ළමයි ද සිටින බව පැවැසේ. වෙඩි ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා 26 හැවිරිදි ඩෙවිට් පට්‍රික් කෙලේ නැමැති පුද්ගලයා බවට හඳුනාගෙන තිබේ. ඝාතකයා ද මියගොස් ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top