ඇමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අද දිවයිනට

අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අද (06) දිවයිනට පැමිණීමට නියමිතය.

ෂැනන් මහතා බංග්ලාදේශ සංචාරය නිමවා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔහු ඊයේ (05) බංග්ලාදේශයට පැමිණි අතර එහිදී බංග්ලාදේශයේ මතුව ඇති රෝහින්ග්‍යා අර්බුදය ඇතුළු කලාපීය සහ ගෝලීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

ඉන් අනතුරුව දිවයිනට පැමිණෙන ෂැනන් මහතා මෙරට ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයින් මුණගැසී සාකච්ඡා සිදු කරනු ඇත.

මීට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා මෙරට රාජ්‍ය නොවන සංවිධාන සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය. ඔහු හෙට(07) දිවයිනෙන් පිටත්ව යනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top