WORLD NEWS

යෙමනයේ හෙලිකොප්ටර් අනතුරකින් සෞදියේ කුමරෙකු ජීවිතක්‍ෂයට

යේමන් – සෞදි දේශසීමා ප්‍රදේශයේදීය සිඳුවූ හෙලිකොප්ටර් අනතුරකින් සෞදි කුමාරයකු වන මන්සූර් බින් මුක්රීන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

අනතුරට ලක්වූ හෙලිකොප්ටරයේ ගමන් කළ මන්සූර් බින් මුක්රීන් කුමරුගේ රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුද ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ. හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුවූව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞදි රජය පවසයි.

මන්සූර් බින් මුක්රීන් කුමරු සෞදියේ හිටපු ඔටුන්න කුමාරයකු වන මුක්රීන් බින් අබ්දුල් අසීස්ගේ පුතේකු වීම විශේෂත්වයකි. සෞදියේ රජ පවුලේ බලය ලබා ගැනීම සඳහා කුමරු අතර තරඟකාරිත්වයක් පවතින අතරතුර මන්සූර් බින් මුක්රීන්ගේ මරණය බොහෝ දෙනා අතර සැකයක් ඇති කර තිබේ.