උතුරු පළාත් සභාවේ 64 වැනි සැසිවාරය අද (27) දින පෙරවරු 10ට ආරම්භවිය. අනතුරුව උතුරු පළාත් සභාවේ මීළඟ නියෝජ්‍ය සභාපති කව්රුන්ද යැයි මතභේදකාරී තත්වයක් ඇතිවුණි. මහ ඇමැතිවරයා විදෙස් ගතව සිටින හෙයින්, තමන් යළි සභාවට සහභාගිවීමෙන් පසු නියෝජ්‍ය සභාපතිව තෝරා පත්කළ හැකි බවට උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ. සිවඥානම් සහ අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබුණි.
එමෙන් මහ ඇමැතිවරයා පැමිණි පසු නියෝජ්‍ය සභාපතිව තෝරා පත්කළ හැකි බවට මන්ත්‍රීවරුන් පිරිසක්ද, නැහැ අදම තෝරා පත්කළ යුතු යැයි තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද විවාද කළහ. පැය 2ක් පමණ පැවැති වාද විවාදයෙන් අනතුරුව දහවල් 12ට පමණ ජන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කළ අතර, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ක.ව. කමලේෂ්වරන් සහ ආනන්දි සසිදරන් යන දෙදෙනාගේ නම් යෝජනා කෙරුණි.
එහිදී පළාත් සභා මන්ත්‍රීවරුන් 32 දෙනෙකු ජන්දය ප්‍රකාශ කළ අතර, ක.ව. කමලේෂ්වරන් මනාප 18ක්ද, ආනන්දි සසිදරන් මනාප 13ක් ලබාගත් අතර එක් ජන්දයක් අපක්ෂපාතිව ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ලෙස ක.ව. කමලේස්වරන් තේරී පත්කර ඇත.