විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක‍්‍රමණය කිරීමට ඉඩ තබන්නේ නැහැ – ජනපති

විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක‍්‍රමණය කිරීමට ඉඩ නොතබා දේශීය කිරිගොවියා නගා සිටුවීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව, අරලගංවිල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ළදරු කිරිපිටි සඳහා සහන ලබා දෙන අතරම, පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා පවසා තිබේ.

කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදලක් වැය කෙරෙන අතර, එය රටේ ආර්ථිකයට දැඩිව බලපා ඇති බවත් සංවර්ධනය වූ කිසිදු රටක් අද විදේශීය කිරිපිටි භාවිතා නොකරන බව ද පවසා තිබේ.

අද ශී‍්‍ර ලංකාව පිටරටින් ගෙන්වන කිරිපිටි වැඩිපුරම භාවිතා කරන රටක් බවට පත්ව ඇති අතර මෙම තත්ත්වය වහා වෙනස්විය යුතු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top