තෙල් බෙදාහැරීම පස්වරුවේ සිට

ශ්‍රී ලංකාව වෙත ඉන්ධන රැගෙන එන නෙවෙස්කා ලේඩි නෞකාව මුතුරාජවෙල ‍වෙත පැමිණ ඇති අතර මේ වන විට එම නෞකාවේ ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මෙම නෞකාවේ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් වන වාර්තාව පෙරවරු 11.00ට පමණ ලැබීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව මුතුරාජවෙල තෙල් බෝයාව මගින් පොම්ප කිරීම ආරම්භ කරන බවත් පෙන්වාදෙන අමාත්‍යංශ ලේකම්වරයා පස්වරු 2.00පමණ වන විට තෙල් බෙදාහැරීමේ කටයුතු  ආරම්භ කළ හැකි බවත් පෙන්වාදෙයි.
මෙම ඉන්ධන නෞකාව පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40000ක් රැගෙන පැමිණ ඇති අතර ඉන් මෙට්ට්‍රික් ටොන් 32500ක් ඔක්ටේන් 92 වර්ගයේ වන අතර ඉතිරි මෙට්ට්‍රික් ටොන් 4500ක ප්‍රමාණය ඔක්ටේන් 95වර්ගයේ ය.
එමෙන් ම මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතින් දෛනිකව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතු බවත් පෙන්වාදෙන ලේකම්වරයා ඉන්ධන හිඟයක් ඇතැයි ජනතාව අනිසි බියකින් පසුවුවද අවශ්‍ය තරම් තෙල් තොග සංස්ථාව සතු බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top