SRILANKAN NEWS

2018 සඳහා වූ අයවැය අද පාර්ලිමෙන්තුවට

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීමට නියමිතය.

ප.ව.3.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙයි. 2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් (09)දින මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් ලෙස ගණන් බලා තිබේ.

2018 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන මෙවර අයවැය මඟින් පොදු ජනතාවට මෙන්ම සමස්ථ අංශ වෙනුවෙන් සහන රැසක් ලබාදිම වෙනුවෙන් අවධානය යොමුව ඇති බව වාර්තාවේ.