ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා ජපානයේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා පූර්ණ සහාය ලබා දීමට ජපාන රජය එකඟවී තිබේ.

ජපානයේ සංචාරයක නිරතව සිටින රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හා ජපාන ආරක්ෂා අමාත්‍ය ඉෂුනොරි ඔනොදෙරා යන මහත්වරුන් අතර පැවති හමුවකදී මේ බව පවසා තිබේ.

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව කේන්ද්‍රීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති බැවින් වෙරළාරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් බව ජපාන ආරක්ෂ අමාත්‍ය වරයා එහිදී පෙන්වාදී තිබේ.

ජාත්‍යන්තර නාවික වෙළෙඳ කටයුතු ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයට ආසන්නයේ සිදුවන බැවින් වෙරළාරක්ෂරක කටයුතු කෙරෙහි ශ්‍රී ලංකාව නිරන්තර අවධානයෙන් සිටින බව ද රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එහිදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top