කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය දා කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,
“ඔබ සියලුදෙනා කැපවීමෙන් රට ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිණිම පිළිබඳවත් ජාතික ආපදාවන් ඇති වූ සෑම අවස්ථාවකදීම තම ජිවිත පරදුවට තබා ක්‍රියාකිරීම පිළිබඳවත් අප සියලුදෙනා ඔබ වෙත ණය ගැතියි. ජාතිය වෙනුවෙන් නැඟි සිටින ඔබ සියලුදෙනා ජාතික ආපදාවන්, වසංගත උවදුරු, නායයෑම් ආදි අවස්ථාවල දී සෑමවිටම පෙරමුණ ගෙන කටයුතු කර තිබෙනවා. සාමකාමි සමාජයක් ලෙසින්, සාමය, සංහිඳියාව සහ එකමුතුභාවයෙන් හා අවබෝධයෙන් ඉදිරි ගමනක් යන අප රට සංවර්ධනය කිරීම සඳහා ඔබගේ සහාය තවදුරටත් අවශ්‍යයි.
රටේ නායකයා ලෙස මා සිටින තුරාවට ඔබලාගේ කිසිවෙකු කිසියම් හෝ යුද්ධ අධිකරණයක විනිශ්චයකට අවසර නොදෙන බවට මා ඔබට පොරොන්දු වෙමි. යම් කිසිවෙකු වැරුද්දක් කර ඇත්නම් ඒ පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ රටේ දැනට පවතින නීතියට අනුකූලව අධිකරණය හමුවේ පමණක් වනු ඇත. අපේක්ෂා භංගත්වයට පත්වුණු ඇතැම් දේශපාලඥයින් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් රණවිරුවන් යුද්ධ අධිකරණයක් හමුවේ විනිශ්චයකට ලක්කොට දඩුවම් පමුණවීමට තැත් කරනා බවට කරන ප්‍රකාශයන් පිළිබඳ රටේ ජනාධිපති වශයෙන් එවැනි කිසිදු දෙයක් සිදුවීමට ඉඩ නොදෙන බවත් කිසිවෙකු විදේශීය විනිසුරුකරුවන් ඉදිරියේ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමට ඉඩ නොදෙන බවත් මේ අවස්ථාවේ දී මා පැහැදිලිව ප්‍රකාශ කරමි. ඒ හේතුවෙන්, එවැනි පදනම් විරහිත චෝදනා සහ වැරදි සහගත ප්‍රකාශයන් තුලින් ඔබ නොමඟ යා හැකි බවත් මා මෙහිදි පවසමි
ඇතැම් ප්‍රකාශ කටකතා සහ අපව අවතක්සේරු කරන්නන්ට නොරැවටි මාව විශ්වාස කරන මෙන් මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා. ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී ඔබ සියලුදෙනා විසින් ඉටු කරන ලද විශිෂ්ඨ මෙහෙය මා අගයන අතර, ජාතියක් වශයෙන් සාමය හා සංහිඳියාව තිරිකිරීම උදෙසා ඔබගේ උපරිම සහයෝගය ලබාදෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා. එසේම ඉතිහාසයේ දී මෙන් නොව කිසිදු රණවිරුවෙකුගේ විදේශ සංචාරයන්ට කිසිදු බාධාවක් ඇති නොවන බවටත් මා තරයේ අවධාරණය කර සිටිනවා.”
Add Comment