පාර්ලිමෙන්තුවේදී රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ වංචා දූෂණ හෙළි කිරීමට ජවිපෙ සූදානම් වෙයි..

වර්තමාන ආණ්ඩුවේ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ තොරතුරු රැසක් මේ මස 17 වැනිදායින් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

නොවැම්බර් මස 17 වැනිදා සිට දෙසැම්බර් මස 9දා දක්වා අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවත් මේ කාලය තුළ අමාත්‍යාංශ රැසක මහා පරිමාණ දූෂණ වංචා ගැන සුවිශේෂී කරුණු රැසක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

එම වංචා දූෂණ ගැන තොරතුරු සාක්ෂි සහ ලියකියවිලි සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top