SRILANKAN NEWS

යාපනයේ පවතින වර්ෂාව හේතුවෙන් 9 දාහක් පීඩාවට

යාපනයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් 9 දාහකට වැඩි පිරිසක් පීඩාවට පත්වී ඇති බව යාපපනය දිස්ත්‍රික්ක දිසාපති නා. වේදනායකම් මහතා පවසයි.

පසුගිය දින කිහිපය තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙතෙක් පවුල් 2 දහස් 518කට අයත් 9 දහස් 141 දෙනෙකු පීඩාවට පත්වී ඇති අතර, නිවාස 4ක් සම්පූර්ණයෙන් ද තවත් නිවාස 159ක් අර්ධ වශයෙන්ද විනාශයට පත්ව තිබේ.

මෙලෙස දිගටම වර්ෂාව පවතියේ නම් යාපනය දිස්ත්‍රික්කයේ පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව අවතැන්වී යාමට සිඳුවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.