චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවික හමුදාපති අතර හමුවක්..

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා ඊයේ (11) කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා යන මහත්වරුන්, කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

එහිදී ඔවුන් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සුභ පැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top