යුරෝපා නියෝජිතයින් කණ්ඩායමක් දිවයිනට..

unione-europea - යුරෝපාසිව් දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගමයේ නියෝජිතයන් පරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

ජාතික සංහිදියා ක්‍රියාවලිය ලබා ඇති ප්‍රගතිය සහ දේශපාලන හා ආර්ථික වශයෙන් කාන්තාවන් බලගැන්වීම පිලිබඳ යන කාරණා පිළිබඳව දැඩි අවධානයක් යොමුකිරීම පෙරටු කරගනිමින් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු සිවුදින නිල සංචාරයක් සදහා ලබන 31දා මෙරටට පැමිණෙන බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඔවුන් ලබන මස 03දින දක්වා මෙරට රැදී සිටීමට නියමිතව අතර ජී.එස්.පී සහනය ලබාදීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමට නියමිතය. ත්‍රිකුණාමලය, මඩකළපුව යන ප්‍රදේශ වල සංචාරය කිරීමට ද සැළසුම් කර ඇති බව ද වාර්තාවේ.

මෑතකදී බ්‍රසල්ස් නුවර සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජි.එස්.පී. බදු සහනය ලබා ගැනීම සම්බන්‍ධයෙන් යුරෝපා නියෝජිතවරුන් සමඟ සාකච්ඡා කර තිබීම විශේෂත්වයකි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top