විදුලි බලාගාර 04ක විදුලි උත්පාදනය අත්හිටුවයි

ලක්‍ෂපාන ජලාශයේ සිට පොල්පිටිය ජල විදුලිබලාගාරය දක්වා ජලය රැගෙන යන කිලෝ මිටර් 07ක් වු උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලක නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිබලාගාර 04ක විදුලි උත්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලගාරවල මෙලෙස තාවකාලිකව විදුලි උත්පාදනය අත්හිටුවා ඇත.

පසුගිය (12) රාත්‍රියේ සිට එම උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලේ නඩත්තු කටයුතු ආරම්භ කර තිබේ.

කාසල්රි ජලාශයෙන් ජලය ලබාගෙන විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරයේ ජලය විමලසුරේන්ද්‍ර ජලාශයෙන් ඊයේ පස්වරුවේ සිටම කැළණි ගගට වාන් දැමීමට පටන්ගෙන ඇති බවද වාර්තා වේ.‍

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top