SRILANKAN NEWS

යහපාලන ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තිබෙනවා – සම්බන්‍ධන්

sambanthar - සම්බන්‍ධන්ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුව යටතේ දෙමළ ජනතාවට ස්ථීර විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාසයක් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

පුනරුත්තාපන, නැවත පදිංචිකිරීම්, නැවත ඉදිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය සහ අග්‍රාමාත්‍ය කාර්‍යාලය විසින් අරලියගහ මන්දිරයදී ඊයේ සිකුරාදා දින පැවැති ජාතික දීපාවලි උත්සවයට සහභාගිවෙමින් සම්බන්‍ධන් මහතා මේ බව පවසා සිටියේය.

“මෙවැනි ජාතික උත්සව වත්මන් යහපාලන රජයේ සාධනීය ගමනක ප්‍රතිඵලයකි. මෙය අපි ඉතා සුහඳව පිළිගන්නවා. වත්මන් යහපාලනයෙන් අප ජනතාව සඳහා වූ ආලෝකයක් දැකින්නට තිබෙන අතර, ලබන වසරේ දීපාවලි උත්සවයට පෙර එම අලෝකය ස්ථීරවනු ඇතැයි විශ්වාසයක් ද තිබෙනවා“ යැයි සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අනතුරුව අදහස් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක සම්බන්‍ධන් මහතාගේ බලාපොරොත්තුව කඩිනමින් ඉටුවනු ඇතැයි විශ්වාසය අපටත් තිබෙන බව පවසා සිටියේය.

– Global Tamil News : Sinhala