මඩකලපුවට සුනාමි අවධානමක් නෑ – ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය

මඩකලපුව හා කල්මුණ අවට මුහුදු ජල මට්ටම යම් ප්‍රමාණයකින් ඉහළ ගියත් එය සුනාමි තත්ත්වයක් නොවන බව ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ එය සාමාන්‍ය තත්ත්වයක් බවත් සුනාමි අවධානමක් පවතින්නේ නම් ජනතාව දැනුවත් කරන බවයි.

එසේ හෙයින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින බවත් ජනතාවට කළබල නොවන ලෙසත් ඔහු සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top