යාපනය කොටුව හමුදා කඳවුරක් බවට පත්කිරීමට උතුර ආණ්ඩුකාරවරයාගෙන් යෝජනාවක්.. (Video)

යාපනයේ පුද්ගලික ඉඩම්වල රැඳී සිටින හමුදාව යාපනය කොටුවට යවන්නැයි ඉල්ලා තමන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

අද (15) දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

එහිදී යාපනය කොටුව පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවට අයත් ප්‍රදේශයක් නොවේ දැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණ කළ විට “ කොටුව තුළ පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය, ශ්‍රී ලංකා හමුදාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය ස්ථාන ගතව සිටියා, එවිට එය පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවට අයත්ව තිබුණා ද? දැන් විතරක් කොහොමද හිමිකම් කියන්නේ?“ යැයි ආණ්ඩුකාරවරයා පිළිතුරු දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top