කිලිනොච්චිය පොදු වෙළඳසැල් ව්‍යාපාරිකයන් ස්ථීර ගොඩනැගිල්ලක් ඉල්ලයි..

කිලිනොච්චිය සේවා පොළ ව්‍යාපාරිකයන් තමන්ට ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකර දෙන්නැයි ඉල්ලා අද (15) උද්ඝෝෂණ පාගමනක් පවත්වා තිබේ. අද පෙරවරු 10ට පමණ සේවා පොළ ස්ථානයේ සිට ආරම්භ වූ පාගමන දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා ගොස් එහිදී දිසාපතිවරයා වෙත සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් ද භාරදී තිබේ.

එහිදී අදහස් ප්‍රකාශ කළ දිස්ත්‍රික්ක දිසාපතිවරයා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම ගැන අමාත්‍යංශය ලේකම්වරයාට දැනුවත් කරන බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top