අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු , නැගෙනහිර සහ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ සහ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.