වකුගඩු රෝග නිවාරණය සඳහා චීනය – ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

sl-china චීන ලංකාවකුගඩු රෝගයට බලපා ඇති හේතු සහ එය නිවාරණය කිරීමේ විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි.

දිස්ත්‍රික්ක 12 ක ජනතාව මේ වන විට වකුගඩු රෝගය හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන අතර අදාළ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඊට අවශ්‍ය පිළියම් යෙදීම, මෙම ගිවිසුම අත්සන් කිරීමේ අරමුණ බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාත්, චීන රජය වෙනුවෙන් එරට විද්‍යා පරීක්ෂණ ආයතන සභාපතිවරයාත් මෙම ගිවිසුමට අත්සන් තැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ගිවිසුමට අදාළව චීනයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top