අසත්‍ය ප්‍රචාරවලට නීතිය දැඩි කිරීමට පොලීසිය පියවර ගනී..

ගාල්ල ගිංතොට සිද්ධියට අදාළව මෙන්ම වෙනත් සිද්ධීන්වලට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කරවීමේ අදහසින් සිදු කරනු ලබන නොයෙක් අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සහ කටකතා විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරෙ යමින් තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top