ඉන්ධන අවශ්‍ය තරම් තොග තිබෙනවා – හිඟයක් නෑ

ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් අවශ්‍ය තරම් තෙල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතු බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.

අසත්‍ය ප්‍රචාරයන්ට රැවටීම හේතුවෙන් මහජනතාව අසීමිත ලෙස ගබඩාකරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස යම් යම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වන ඇති බවට වාර්තා වූ නමුත් අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු වෙත සීමාවකින් තොරව ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවත් පෙන්වාදෙන අමාත්‍යංශ ලේකම්වරයා මේ වන විට දින 20ක කාලයක් සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග සංස්ථාව සතු බවත් පෙන්වා දුන්නේය.

මේ වන විට ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා අවශ්‍ය කරන ඉන්ධන තොග ඉල්ලුම් කොට ඇති බවත් ලබන 26 සහ 28 දිනවලදී ඉන්ධන රැගත් තවත් නැව් දෙකක් පැමිණීමට නියමිත බවත් එම නැව්දෙකෙහි ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 70,000ක් රැගෙන පැමිණනෙ බවත් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top