අගමැති බැඳුම්කර කොමිසමට

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම වෙත අද (20) උදෑසන පැමිණියේ ය.

බැඳුම්කර කොමිසම වෙත ලියාපදිංචි අංක තහඩු නොමැති අධි ආරක්ෂිත මෝටර් රථයකින් පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැය එකහමාරක පමණ කායලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පිටව ගියේය.

කොමිසම හමුවේ ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට මීට පෙර කිහිප වතාවක්ම දැනුම් දී තිබුණි.

මේ අතර, මහබැංකු බැදුම්කර ගණුදෙනුවේ විමර්ශනය සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු අද අවසන් වූ අතර, සාක්ෂි වලින් සකස් කරන ලද වාර්තාව ලබන 8වනදාට පෙර ජනාධිපතිතුමා වෙත ලබා දීමට නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top