දෙවන එළිසබෙත් මහ රැජිණගේ හා පිලිප් කුමරු 70වන විවාහ සංවත්සරය සමරයි

දෙවන එළිසබෙත් මහ රැජිණගේ හා පිලිප් කුමරුගේ හැත්තෑවන විවාහ සංවත්සරය අදට(20) යෙදී තිබේ.

බ්‍රිතාන්‍ය රාජකීය යුවලක් ඉතිහාසයේ පළමුවරට ප්ලැටිනම් විවාහ සංවත්සරයක් සමරනු ලබන අවස්ථාව ලෙස ද මෙය සදහන් වේ. සංවත්සරයට සමගාමීව නිල ඡායාරූප ත්‍රිත්වයක් මාධ්‍යයට නිකුත් කිරීම ද සිදුවිය.

1947 වසරේ නොවැම්බර් 20වනදා එළිසබෙත් රැජිණ හා පිලිප් කුමරු විවාහ දිවියට එළඹුනේ වෙස්මිනිස්ටර් හිදී ය. ඒ දෙවන ලෝක යුද්ධය අවසන්වී වසර දෙකකට පසුවය.

ඒ වනවිට බ්‍රිතාන්‍ය මහ රැජිණ 21වන වියේ හා පිලිප් කුමරු 26වන වියෙහි පසුවිය.

සංවත්සර දිනය සිහිපත් කරමින් ස්ථාන රැසකදී සැමරුම් උත්සව පැවැත්වුණ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top