ඉන්දීය කුණු කසල යාපනය වෙරළට …

ඉන්දීයාවේ සිට බෙහෙත් අපද්‍රව්‍ය, බෝතල් ඇතුළු කුණු කසල විශාල ප්‍රමාණයක් යාපනය තොණ්ඩමානාරු ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසමින් තිබේ. යාපනය වඩමරාච්චිය, තොණ්ඩමානාරු, සහ අක්කරයි මුහුදු වෙරළ ප්‍රදේශවල පසුගිය බදාදා දින සිට මෙලෙස අපද්‍රව්‍ය ගොඩ ගැසී ඇති බව වාර්තාවේ. මෙය ඉන්දියාවේ සිට වෙරළට ගසාගෙන එන බව පැවැසේ.

බෙහෙත් අපද්‍රව්‍ය, කල් ඉකුත්වූ බෙහෙත් වර්ග, බෝතල්, (බෙහෙත් වර්ග ඇතුලත් බෝතල්), එන්නත්, ක්‍රීම් වර්ග අඩංගු බෝතල්, ටුයුබ් වර්ග, මත්පැන් බෝතල්, ලයිටර්, රසකළ පුවක් වර්ග පැකට්, වැනි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යාපනය මුහුදේ පාවෙමින් ගොඩ ගසමින් තිබේ.

මෙලෙස බෙහෙත් අපද්‍රව්‍ය ඇතුළු කුණු කසල මුහුදට දැමීමෙන් මුහුදු සම්පත් විනාශයට පත්විය හැකි අවධානමක් ද පවතියි. මේ සම්බන්‍ධයෙන් අදාල බළධාරීන් කඩිනමින් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top