SRILANKAN NEWS

ගංවතුරින් විපතට පත්වූ පවුල් 1000කට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර

පසුගියදා ඇති වූ ගංවතුරින් හානියට පත් ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම සේවා වසම් 47ක පවුල් 1000කට පමණ ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ආධාර බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලීය රගහලේදී පැවැත්විණි.

පූර්ණ හා අර්ධ හානියට පත් පවුල්වලට මූල්‍යාධාර හා ගෘහ උපකරණ බෙදා දීම මේ යටතේ සිදුවිය.

මෙම අවස්ථාවට දකුණු පළාත්සභා මන්ත්‍රී ජයසිරි නානයක්කාර, ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් සිසිර කුමාර මහතා ඇතුළු රජයේ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.