සෞඛ්‍ය ඇමැති සහ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරිය අතර හමුවක්..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍ය Veronika Skvortsova මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කළ රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන ක්ෂය රෝගය තුරන් කිරිම පිළිබඳ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව අතරවාරයේ දී මෙම හමුව සිදු ව ඇති අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පිළිබඳ කරුණු මෙහිදී සාකච්ඡා වී ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුව සඳහා අමාත්‍ය වෛද්‍ය, රාජිත සේනාරත්න මහතා සහභාගි ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top