මුල්ලේරියාවේ උප පොලිස් පරික්ෂකවරයෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කර ගනී

මුල්ලේරියාව පොලිස් ස්ථානයේ සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.

අද උදෑසන රාජකාරිය නිමා වී උප පොලිස් භට නිවස්නය තුළට ගොස් ඔහු මෙලෙස වෙඩි තබා ගෙන ඇති බව වාර්තාවේ. ප්‍රේමසිරි නැමැති 57ක් වයසැති ඔහු ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකු බව පැවසේ.

අද දින ඔහුට එරෙහිව පවරා තිබුණු මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top