අධිකරණයේ සිට පලා ගිය ආවා කල්ලියේ සැකකරුට වසර එකහමාරක සිර දඞුවමක්..

යාපනය මල්ලාගම් මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පලා ගිය ආවා කල්ලියේ සැකකරුවෙකුට මල්ලාගම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර එකහමාරක සිරඳඞුවමක් නියම කර තිබේ.

යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ ප්‍රධාන පුද්ගලයෙකු යැයි සැකකරන නිෂා වික්ටර් හෙවත් එස්. නිෂාන්දන් (වයස 22) නැමැත්තා පසුගිය සිකුරාදා දින මල්ලාගම් අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ අධිකරණ පරිශ්‍රයේ සිට පලා ගොස් තිබුණි.

පලා ගිය සැකකරුව බන්‍ධනාගාර නිලධාරින් සහ පොලිසිය එක්ව පැයක් ඇතුලත් යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙවැනි තත්වයකදී අද අඟහරුවාදා දින අධිකරණයේ සිට පලා යෑම සම්බන්‍ධ නඩුව ඒ. ජූට්සන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග කෙරුණි.

එහිදී අධිකරණයේ සිට පලා යෑමේ වරදට වසර එකහමාරක සිරඳඞුවමක් ඔහුට නියම කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top