හෙරෝයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කැලණිය හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලින් හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී කැලණිය , පට්ටිවිල හන්දියේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑරෑම් 105ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගෙන ඇති රුපියල් තුන්ලක්ෂ හැටතුන්දහසකට වැඩි මුදලක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් , ලේසාඩ්ස් බොඩ්වේ හන්දියේදී හෙරොයින් ග්‍රෑරැම් 100ක් සහ මිලිග්‍රෑරෑම් 320ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top